මිනිස්සු කියන්නේ මනසින් උසස් සත්ත්ව කොටසක්. කෙසේ වෙතත් අමතක වෙනවා කියන එක අපි කාටත් අලුත් දෙයක් නම් නෙමේ.ඉතින් මෙන්න මේ අමතක විම නිසා ගොඩක් අයට මුහුණපාන්න වෙන ගැටලුවක් තමයි තමන්ගේ ෆෝන් එකේ patterns,passwords,pin අමතක විම.

ඉතින් ඔන්න ඔය වෙලාවට ඔයාගේ ෆෝන් එක කිසිම විදිහකින් (google account මගින්) unlock කරගන්න බැරිනම්, කරන්නේ ඉක්මනින් ෆෝන් Shop එකකට ගිහින් ෆෝන් එක Unlock කරගන්න එක. shop එකකින් කරගත්ත නිසා ඒ වෙලාවට ඔයාට යම් මුදලකුත් වැය වෙනවා. මේ වැඩේ ඔයාටම ගෙදරදීම  කරගන්න පුළුවන් උනොත් කාලයයි මුදලුයි දෙකම ඔයාට ඉතිරි කරගන්න පුළුවන්. වැඩේ කියන්න පටන් ගන්න කලින්ම කියන්න ඕනෑ ,මේ trick එක ඔයාට කෙතරම් දුරට ගැලපෙනවද කියලා නිර්දේශ කරන එක ඔයාගේ තීරණයක්.ඒ වගේම මේ Unlock එකෙන් පස්සේ ඔයාට ඔයාගේ files කිසිම දෙයක් ආයේ කලින් විදහට ඉතුරු වෙන්නේ නම් නැ.මොකද මේක මම unlock කරනවා කිව්වට ඇත්තටම වෙන්නේ factory reset එකක්. ඒ කියන්නේ ඔය ඔයාගේ ෆෝන් එක තුලින් factory reset කරාම ඔයාගේ ෆෝන් එක මිලදී ගනිද්දී තිබ්බ තත්වෙට පත් වෙන එක. එහිදී ඔයාගේ files හැමදේම delete වෙනව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමේනේ.

හොදයි එහෙනම් ඔන්න පුංචි හැදින්වීමකුත් දුන්න. එහෙනම් දැන් බලමු කොහොමද පියවරෙන් පියවර අපේ lock වුන ෆෝන් එක unlock කරගන්නේ කියලා.

(විශේෂයෙන්ම මෙම ක්‍රමය එක් එක ෆෝන් වර්ගයේදී වෙනස් විය හැක. ) 

*මෙහිදී  සැලකිය යුතුයි..

1. Memory Card තිබේ නම් Remove කර යුතුයි. 

2. Phone එකේ තියෙන සියලුම Data සහ ඔයාල Install කරපු  App මෙහිදී මැකී යාමක් සිදුවේ. 

3. මෙය  භාවිතා කරන්න වෙන කිසිම ක්‍රමයකින් Log  වීමට නොහැකිනම් පමනක්.  

1. Phone එක Off කරන්න. 
2. මෙම සියලුම Keys එක සැරේ Press කරගෙන ඉන්න Phone එක On වෙන තුරු  
Volume up + Home Key + Power Button


3. Phone එක දැන් on වෙන්නෙ Recovery Mode එකෙන්.
4. දැන් Volume Keys use කරලා උඩ පහල යන්න පුලුවන්. 




5. Restore Factory Defaults” / “Delete all User Data” /
Wipe Data-Factory Reset/"Master Reset" ඒවගේ දැක ගන්න පුළුවන්.එය ඔබගේ Phone එක අනුව වෙනස් වේ. 

6.අවශ්‍ය option එක නිවැරදිව සොයාගෙන power button එක press කරන්න.
 
6. Phone එක Reset වී අවසන් වූ විට ඉහත පරිදි Reboot System Now, Ok කරන්න. 

 
මේ විදිහට ඉතාමත් පහසුවෙන් කිසිම විදිහකට Unlock කර ගන්න බැරි Android Phone එකක් Unlock කරගන්න පුළුවන්.

                                                     Happy Unlocking!

0 Comments