Microsoft ආයතනය සිය සේවකයින් සඳහා ගස් නිවාස කිහිපයක්ම සාදා නිම කොට තියෙනවා.මේවා දැනට Redmond campus ආශිතව ඉදිකොට තිබෙන බවයි සදහන් වෙන්නේ. විශේෂයෙන් weatherproof බංකු, විදුලි සෝපාන, සැඟවුණු පාත්ති, පුටු, ලී බඩු හා එළිමහන් Wi-Fi ජාල අවශ්ය අය සඳහා ඉදි කරලා තියෙනවා.



මෙහි දැනට නිවාස තුනක් ඉදිකර තිබෙනවා, නමුත් දැනට ඉන් විවුර්ත වී තිබෙන්නේ නිවාස දෙකක් පමනයි, ඉතිරි නිවාසය වසර අවසානයේදී විවුර්ත කිරීමට අදහස් කරන බවයි මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ. වැඩි තොරතුරු වචනෙන්ම කියනවට වඩා මේ නිවාස ඇත්තටම කොහොමද කියලා දකින්න පහල වීඩියෝව බලන්න.


මෙම ගොඩනැඟිලි අවම වශයෙන් අවුරුදු 20 ක් පමණ පවතින අතර, ගස් වර්ධනය වන විට, එය ලස්සන වන අතර එය පුළුල් කිරීම කෙරනු ඇතැයි ඔවුන් පවසයි.





0 Comments